කොවිඩ් ආසාධිත දින 20ක් වයසැති බිලිඳෙකු ජීවිතක්ෂයට

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට තදබල නියුමෝනියා තත්ත්වය නිසා අද (08) අළුයම් කාලයේදී ඇතුලත් කරනු ලැබූ දින 20ක් පමණ වයසැති බිලිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය මහතා ප්‍රකාශ කර සිටින්නේ එම බිළිඳා අද සවස ජීවිතක්ෂයට පත්වූ බවයි.

රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ මෙම බිළිඳා අද උදෑසන 4.00 ට පමණ රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කර ඇති අතර සිදුකළ PCR පරීක්ෂණයේදී එම බිළිඳාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ද තහවුරු වූ බවයි.

මෙම බිලිඳාගේ මරණයට සෘජු හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම නොවන බවත් පැවති තදබල නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටින්නේ.

මෙම බිලිඳාගේ දෙමව්පියන් කොවිඩ් ආසාදිතයින් නොවන බවටද සිදුකළ පරීක්ෂණ මගින් හෙළිවී තිබෙන අතර මියගිය මෙම බිලිඳා කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *