කොරෝනා නිසා චීනයේ විවාහ කල් යයි

විවාහවීමට දින යොදාගෙන සිටී නම් එම විවාහයන් තාවකාලිකව අත්හිටුවන්නැයි චීන බලධාරීන් හුබෙයි ප්‍රාන්තය ප්‍රමුඛව ඒ ආශ්‍රිත තවත් නගර කිහිපයක වෙසෙන ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මාරාන්තික නව කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් බලධාරීන් මෙලෙස විවාහ අත්හිටුවීමට තීරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.

විවාහ මංගල්‍ය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර ඇත්නම් එම කටයුතු අත්හිටුවා අනෙක් පුද්ගලයින්ට ද පවතින තත්ත්වය දැනුම් දෙන ලෙස බලධාරීන් ඉල්ලීමක් කරනවා. බීජිං සහ ෂැංහයි නුවරවල අද දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබූ විවාහ මංගල්‍යන් මේවනවිටත් අත්හිටුවා අවසන්.

නව කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමට ලක්ව වසා දමා ඇති හුබෙයි නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු විවාහ මංගලයන් ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ඇති.

අවමංගල්‍ය උත්සවයන්ද ජනයා එක්රැස් කිරීමකින් තොරව සිදු කරන ලෙසත් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය පුද්ගලයෙකු වේ නම් එම පුද්ගලයාගේ ආදාහන කටයුතුද ප්‍රමාද වීමකින් තොරව හැකි ඉක්මනින් සිදුකරන ලෙස ද බලධාරීන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *