කේට් කුමරියටත් පිළිකාවක්

වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.‍

විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, තමන් පිළිකා රෝගියකු වූ බව නිවේදනය කරමින්, කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවක් ද ප්‍රසිද්ධ කරමිණි.

කේට් මිඩ්ල්ටන් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන විය. සැත්කම සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවුණු අතර, සැත්කමින් පසු කේට් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ද නැත.

42 හැවිරිදි කේට්  සම්බන්ධයෙන් පමණක් නොව, ඇගේ සැමියා ඔටුන්න හිමි විලියම් කුමරු සම්බන්ධයෙන් ද නොයෙක් නොයෙක් කටකතා පැතිරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *