කෙහෙලිය ඇතුළු තිදෙනකුට ඇප

බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනකු ඇපමත මුදා හැරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියම කළාය.

සැකකරුවන්ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් ඇපමත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළාය.

රුපියල් ලක්ෂයක් වටිනා මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත සැකකරුවන් මුදා හරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණයේ අවසරයකින් තොරව විදේස ගත විම වළක්වාලමින් කොන්දේසියක් පැන වූවාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට අමතරව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *