කෙහෙල්බද්දර පද්මෙගේ ගෝලයෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මෙ ගේ සමීපතම ගෝලයෙකු වන ගම්පහ දේවා නැමැත්තා 08/03 දින උදෑසන තායිලන්තය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

දිසානායකගේ දේවාන්මිණි දිසානායක නැමති මොහු 39 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ මිනීමැරුම් , මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියකටම චෝදනා ලබා ඇති පුද්ගලයෙකි.

කෙහෙල්බද්දර පද්මෙ ඩුබායි හි සැගවී සිට පසුව තායිලන්තය වෙත පළා ගොස් සිටියදී , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන සිටියදී , එයින් මිදී අතුරුදන් වී සිටින්නෙකි.

ගම්පහ දේවා නැමති අය 08/03 දින උදෑසන 08.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 406 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු වී තිබේ.

මොහු මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා පෑලියගොඩ කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *