කෙහෙල්බද්දර පත්මේගේ දේපළ තහනම්

පාතාල කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බන්දර පත්මේ  නැමැත්තාගේ ගම්පහ ප්‍රදේශයේ අැති රුපියල් කෝටි පහක් පමණ වටිනා දේපොළ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් දින හතක කාලයක් සඳහා වෙනත් අයෙකුට පැවරීම හෝ විකිණීම තහනම් කරනු ලැබීය

මාදිල්ගමුව බටපොත උඩුගම්පොළ ප්‍රදේශයේ  ලක්ෂ 300ක් වටිනා කබානා සහිත හෝටලය ඊට යාබදව පිහිටි පර්චස් විස්සකින් සමන්විත ඉඩම සහ එම හෝටලය ආසන්නයේම පිහිටි කාමර හයකින් සමන්විත අඩක් නිම කරන ලද ලක්ෂ දෙසීයක් වටිනා ගොඩනැගිල්ල මෙසේ  දින හතක කාලයක් සඳහා වෙනත් අයෙකුට පැවරීම හෝ විකිණීම මෙසේ  තහනම් කළ බව රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *