’’කිව්ව එක දෙයක් කරන්නේ තව දෙයක්’’ – අජිත් පී පෙරේරා

ආරක්ෂාව නැතුව වැඩ කරනවයි කියපු  කට්ටිය ඊට පරස්පර විදිහට හැසිරෙන විට ඒ සියලු දෙනා රට ඉදිරියේ හෑල්ලු වන බව  සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්   පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.

“මේ අය කිව්වේ එම්බුලන්ස් විතරයි වීඅයිපී කියලා. අද මෙයාලටත් වීඅයිපී ආරක්ෂාව” මන්ත්‍රීවරයා කීවේය.

රටේ අවි ආයුධ පාතාලය  නිසා ජනාධිපතිවරයාට බැරෑරුම්  ආරක්ෂාවක්  ලබාදිය යුතුයි  කියන ස්ථාවරයේ සිටින්නේ යැයි ද  මෙතන ප්‍රශ්නය නම් ආරක්ෂාව ගන්නේ නැහැ කියලා ඇවිත් ගන්න එක යැයිද  ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *