’’කැබ් එක’’ එපා – ජගත් විතාන

තමාට  ලැබීමට නියමිත කැබ් රථය ගෙන්නන්නට එපා යැයි  ලිඛිතව දැනුම් දුන් බව කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මේ ප්‍රවාහන ක්ෂේත්‍රය අනීතිකව දුවන අමාත්‍යාංශයක් වෙලා තියෙනවා.රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පුහුණු කර ඒ අයට විනයානුකූලව කටයුතු කරන්නට උගන්වා රජයේ සංචිතයත් විදියට තියාගන්න බැරි ඇයි?ඒ සංචිතයෙන් අපේ බස් වලට සේවකයන් ඉල්ලුම් කරන්නට පුළුවන් කමක් තිබිය යුතුයි.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් අපට අවශ්‍ය සේවකයන් ගන්න ක්‍රමයක් හදන්න.මේක කරන්න පුළුවන් වැඩක්. එතකොට අපට ඔවුන්ට වේතනයක් නියම කරන්න පුළුවන්. මට ලැබුණු විමධ්‍යගත අරමුදල් වලින් ලක්ෂ 40 ක් අනීතිකව කප්පාදු කළා.ඒ සල්ලි තමයි ඔය භාණ්ඩාගාරයේ ඉතිරි වුණා කියන්නේ” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *