කර්මාන්ත අමාත්‍යාංශයේ ලාභාංශ මිලියන 757.4 ක් භාණ්ඩාගාරයට දෙයි

කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දුන්නේය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශ වලින් කොටසක් මෙලෙස භාණ්ඩාගාරයට භාරදී ඇත.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට නිල වශයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම භාරදීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *