2023 මාර්තු 19 වනදා කබරගල ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් නිවාස අහිමි වූ පවුල් 50කට අගෝස්තු 28 වනදා නව නිවාස ලබාදීමට නියමිතය.
වසර තුනහමාරකට ආසන්න කාලයක් අතහැර දමා තිබූ තේ කර්මාන්තශාලාවක දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ මෙම පවුල් සඳහා “නවෝදයපුරම්” නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස මෙලෙස භාරදීමට නියමිතව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස පවුල් වෙත භාරදීමට නියමිතය.
සෑම පවුලකටම පර්චස් 10ක ඉඩමක් සහ වර්ග අඩි 550ක නිවසක් ලබාදී ඇති අතර, එම නිවස නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත වේ.
ව්‍යාපෘති තොරතුරුවලට අනුව එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3.2ක පමණ මුදලක් වැය කර තිබේ.
නිවාස සහ ඉඩම්වලට අමතරව, නව නිවාසවල ජීවිතය ආරම්භ කිරීමට උපකාරයක් ලෙස සෑම පවුලකටම රුපියල් 175,000ක පමණ වටිනා අත්‍යවශ්‍ය ගෘහ හා මුළුතැන්ගෙයි උපකරණද ලබාදීමට කටයුතු කර ඇත.
එම අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීම අඟහරුවාදා (25) සිදුකර තිබේ.
නායයෑමෙන් පසු වසර ගණනාවක් අනාරක්ෂිත පරිසරයක ජීවත් වූ මෙම පවුල් 50ට ආරක්ෂිත නිවාස, තමන්ගේම ඉඩම සහ මූලික පහසුකම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.
“පිබිදෙන රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය යටතේ මලයග ප්‍රජාවේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.


