කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියන් ගැන නිවේදනයක්

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් 15 දෙනෙකු හැර අනෙකු සියලු දෙනා මේ වන විට භාර වී ඇති බව පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පවසයි.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ වන විට පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් ව ඇති බවයි.

පෙරේදා (12) පස්වරුවේ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ දී රැඳවියන් පිරිසක් තුවාල ලැබූ අතර තවත් පිරිසක් පළා ගොස් තිබිණි.

තුවාල ලැබු පුද්ගලයින්ගෙන් 05 දෙනෙකු තවදුරටත් රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *