ඖෂධ දත්ත – පාස්පෝට් පැමිණිළි ගැන විමර්ශනයක් ඉල්ලයි

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර මිලදීගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිතිය යොමු කළ පැමිණිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිතිය කළ පැමිණිල්ලෙන් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර මිලදීගැනීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇතැයි කියන වංචාවන් සම්බන්ධයෙන් සඳහන්ව ඇති බවත් එම පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද මේ වන විට යොමුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කළ ලිඛිත ඉල්ලීමේ සදඟන්ව තිබේ.

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *