උපුල් වෙනුවෙන් පවුලේ අයට රු මිලිනය 4.25ක මුදලක්

මෙහෙයුමක් අතරතුර වෙඩිවැදී මියගිය උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

එහිදී ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 2.5ක මුදලක් ලබාදී ඇති අතර එම මුදල මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් උපුල් චමින්ද මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත ලබාදී ඇත.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් උපුල් චමින්ද මහතා කළ සේවය අගය කරමින් ද රුපියල් මිලියන 1.75ක මුදලක් ලබාදී ඇති අතර එම මුදල වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඔහුගේ පවුලේ අය වෙත ලබාදී තිබේ.

මාතර වැලිගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර වෙඩිවැදී මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයන්වරයාව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.

මෙලෙස වෙඩිවැදී මියගියේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ 47 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

ඔහු දෙදරු පියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *