ඉහල පොලිස් නිලධාරීන්ට වාහන සහන…

රී ලංකා පොලිස් සේවයේ ශුභසාධනය පුළුල් කිරීම

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ ශුභසාධනය පුළුල් කිරීමට පහත සඳහන් තීරණ ගෙන ඇත.

1.පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව වැඩි කිරීම.

පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර, 2023 ජනවාරි මස 01 දින සිට ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

2.පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම.

පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක්පිහිටුවීමට අමාත්‍යතුමන්ගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.පොලිස්පතිතුමන් ප්‍රමුඛ කමිටුවක් මඟින්මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබා ගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී දක්ෂ ජනාධිපති නීතිඥ මඩුල්ලක සහායද ලබාගත හැකිය.

3.සහාකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහළ තනතුරුවලට ලබාදෙන වාහන.

සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහල තනතුරු වලට වාහන සපයාගැනීමේදී මෙතෙක් පැවති වාහන හිමිකාරත්වය අදාළ පොලිස් නිලධාරිට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කෙරේ. තවදවසර 15 පැරණි වාහන සඳහා වූ මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේනිර්දේශය මත වසර 20 පැරණි වාහන වලටද අවසර ලබා දී ඇත.

අකිල තෙන්නකෝන්
මහජන ආරක්ෂක අමාත්‍ය මාධ්‍ය ලේකම්
මහජන ආරක්ෂක අමාත්‍යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *