ඉරානයට තව සමීප වෙනවා – ජනාධිපති රනිල්

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.

ඉරාන  ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

“ඉරාන තාක්ෂණය සමග උමා ඔය ව්‍යාපෘතිය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වුණා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලුත් ආයෝජන කලාප ඇති කිරීමටද අප කටයුතු කරනවා.හම්බන්තොටට නව ආර්ථිකයක් අප ලබා දෙනවා. මේ නව තාක්ෂණය නිසා හෙක්ටයාර හය දහසක් අලුතින් වගා කරන්නට හැකියාව ලැබෙනවා.

ඊළඟ මාස කීපයේ කිසිම ප්‍රශ්නයකින් තොරව ජල විදුලිය ලබාදීමට හැකියාව තිබෙනවායැයි ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *