ඉන්දු – ලංකා සුව ඇමැති හමුවක්

ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා   ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ශ්‍රී ජගත් ප්‍රකාශ් නඩ්ඩා(SHRI JAGAT PRAKASH NADDA) මහතා හමුවේ ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල්(ANUPRIYA PATEL) මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල, ඖෂධ සැපයීමේ වැඩපිළිවෙල, සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙල සහ නවීන තාක්ෂණික උපකරණ සෞඛ්‍ය සේවාව සඳහා ලබා ගැනීම යන ප්‍රධාන කරුණු පිළිබඳව දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරු මෙහිදී  දීර්ඝව සාකච්ඡා කළහ.

මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ සහ උසස් කිරීමේ වැඩපිළිවෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම සංචාරයේදී නිරීක්ෂණයට  ලක් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *