ඉන්දීය මන්ත්‍රීවරුන් 141ක පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 141 දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබේ.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව උල්ලංඝනය කිරීමට, විරෝධය පළ කරමින් විරෝධතාවල නිරතවීම හේතුවෙන් ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේ ද විරෝධතාවයේ නිරතවු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 78 දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබුණි.

ඊට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 49 දෙනෙකු අද දිනයේ විරෝධතාවයේ නිරත වු අතර ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු ද අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *