ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය හා මොනරාගල දිස්ත්‍රික්ක වල මේ ගම්මාන ඉදිකර තිබේ.

ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101කින් ගම්මාන 7ක නිවාස ඉදිකිරීම් අවසන් කොට මේ වන විට ජනතා අයිතියට පත් කර තිබෙන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙලෙස ජනතා අයිතියට පත් කර ඇත්තේ මඩකලපුව, යාපනය, ගම්පහ, මහනුවර, වව්නියාව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකළ ගම්මානයි. ඊට අමතරව තවත් ගම්මාන 90ක නිවාස 1,668ක ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස 732කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *