වැල්ලම්පිටිය

ඉදිරි දින කිහිපයෙන් පසු ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිඹද අවධානය

ඉදිරි සතියේදීත් බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයට පත්වුවහොත් එළැඹෙන පොසොන් පොහෝ දිනයෙන් පසු දිවයින පුරා ක්‍රියාත්මක වන රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා පනවන ඇඳිරි නීතිය හා, ඉරිදා හා අනෙකුත් නිවාඩු දිනයන්ට පනවන ඇඳිරි නීතියද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිඹද අවධානය යොමුවී ඇති බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කොරෝනා සමග ජීවත් වෙමින් රට සාමාන්‍යකරණය වීම නිසා මෙම තීන්දුව ගැනීමට නියමිතය. ඒ අනුව ලබන ජුනි 04 හා 05 දෙදින රටපුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ජුනි 06 සෙනසුරාදා සිට සුපුරුදු පරිදි රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *