ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි

ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙනුයේ ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් නොලැබෙන බව සදහන් කරමින් එම විෂයන් ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී අදහස් දක්වමින් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මේ බව සදහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

“බොහෝ දෙනා සිතනවා පුරාවිද්‍යාව වගේ විෂයන් ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් නැහැ කියලා. නමුත් විදේශිකයින් වැඩි වශයෙන් අපේ රටට පැමිණෙන්නේ  පෞරාණික සිද්ධස්ථාන බලන්න. ඒ වගේම සීගිරිය, බෞද්ධ පූජනීය ස්ථාන වැනි දේවල්වලින් තමයි විශාල ආදායමක් එන්නේ. මේ හරහා විශාල රැකියා පද්ධතියකුත් තියනවා. එසේ නම් මේ ක්ෂේත්‍රයට අවබෝධයක් තියෙන පිරිසක් නිර්මාණය වෙන්න ඕනා පාසල් පද්ධතිය තුළින්. නමුත් මේ අය හිතනවා පුරා විද්‍යාව සාහිත්‍ය කියන දේවල්වලින් ආර්ථික ලාභයක් නැහැ කියලා. ඒ නිසා තමයි මේ විෂයන් පුළුවන් තරම් ඈත් කිරීමට උත්සාහ ගන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *