ඇල්පිටියේ නාමයෝජනා භාරදීම අවසන්-දෙකක් ප්‍රතික්ෂේප වෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනාපත්‍ර භාරදීම  ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  අද අවසන්කරනු ලැබීය.

පිළිගත් දේශපාලන පක්ෂ දහයක් හා ස්වාධීන කණ්ඩායම් දෙකක් නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.

මෙසේ නාම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සාගර කාරියවසම් , ජාතික ජනබලවේගය රත්න ගමගේ ,ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරතන හිමි, සමගි ජනබලවේගය බොළඳහේවා ජයන්ත ජයවීර,පොදුජන එක්සත් පෙරමුණමහින්ද සෙනරත් බණ්ඩාර. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය නිරුක්ෂ නන්ද කුමාර ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ඩබ්ලිව්.වී.ජගත් පුෂ්ප කුමාර, පොදුජන එක්සත් නිදහස් සන්ධානය රමේෂ් පතිරණ .ජාතික ජනසෙත පක්ෂය,ඇන්ටනී ශ්‍රිනාත් මනෝහන් පෙරේරා ,දෙවන පරපුර,දුලාජ් ඉමේෂ මනතුංග , ස්වාධීන  කණ්ඩායම,සුසිරි ගුණසුන්දර කහවෙවිතාන , ස්වාධීන කණ්ඩායම,කිතුල්ගොඩගේ චමින්ද ප්‍රසාද් උදය කුමාර  යන මහත්වරුද කණ්ඩායම් 12 නාම යෝජනාපත්‍ර භාරදී ඇත.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත්කර තිබූ නාමයෝජනා පත්‍ර දෙකක් ගාල්ල මැතිවරණ තේරිම් භාර නිලධරීවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙසේ ප්‍රතික්ෂේප වී ඇත්තේ ඩබ්ලිව්.වී.ජගත් පුෂ්පකුමාර මහතා විසින් ඇප තැන්පත් කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නාම යෝජනා පත්‍රය සහ කිතුල්ගොඩගේ චාමින්ද ප්‍රසාද් උදය කුමාර මහතා ඇප තැන්පත්කළ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්‍රයයි.

මේ අනුව ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා ඇත්තේ පිළිගත්දේශපාලන පක්ෂ කණ්ඩායම් 09 කට සහ එක් ස්වාධීන කණ්ඩායමකට පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *