ඇමති චාමරගේ වාහනය ගිනි ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි.

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද පොලිසිය කියයි. මහියංගනය හා ඇල්ල ප්‍රදේශවල අවුරුදු උත්සවයකට සහභාගී වී අමාත්‍යවරයා ආපසු එන අතරතුර මෙම අනතුරට මුහුණ පා තිබේ.

බණ්ඩාරවල නගර සභා ගිනි නිවීම් ඒකකය හා ඇල්ල පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණද වාහනේ ඉදිරිපස කොටස විශාල වශයෙන් ගිනිගෙන ඇති බවද බවද පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *