ඇඟේ වැඩි යකඩ ඉවත් කරන බේත ගේන්න ප්‍රසම්පාදනය දෙයි

ඩෙස් පෙරි ඔක්සමින් මෙසිලේට් එන්නත් බීපී මිලිග්‍රෑම් 500 න් වයල් 400,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනිවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ගේ හෝ තැලසීමියා රෝගීන්ගේ ශරීරයෙන් අතිරික්ත යකඩ ඉවත් කිරීමට භාවිත කරනු ලබන ඩෙස් ෆෙරි ඔක්ක්සමින් මෙ සිලේට් එන්නත් බීපී මිලිග්‍රෑම් 500 න් වයල් 400,000 ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසුකරුවන් දෙදෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s. ABC Pharma Services (Pvt) Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමිම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *