ආපදා ප්‍රදේශවල උසස් පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක්

පවතින ආපදා හේතුවෙන් ගමනාගමන බාධා ඇතිවී තිබෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කිරීමට අපහසු උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී විභාගය සඳහා පෙනී සිටීමේ හැකියාව පවතින බවය.

බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ගමන් කිරීමට අපහසු විභාග අපේක්ෂකයින්ට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *