අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් ජුලි 18 වැනිදා සවස හිරණ රුක්ගහතොටුපොළ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී 26 හැවිරිදි සැකකරුවෙකු සාමාන්‍යයෙන් ‘ICE’ ලෙස හඳුන්වන ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 18 කට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයට අනුයුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමේදී අයිස් කිලෝග්‍රෑම් 18 යි ග්‍රෑම් 716 ක් සහ විද්‍යුත් කිරුම් තරාදියක් සොයා ගත් බව පොලිසිය පවසයි.
වැටලීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල බෙදා හැරීමට සහ ප්‍රවාහනය කිරීමට මෙම මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අද (ජුලි 19) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


