අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රුසියානු ජනාධිපති වලැද්මීර් පුටින් හමු වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති වලැද්මීර් පුටින් අතර හමුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වී තිබේ.
ජෝ බයිඩ්න් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමෙන් පසු රුසියානු ජනාධිපතිවරයා හමුවන පළමු අවස්ථාව මෙයයි.

දෙරටේ නායකයින් සමග අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ ද එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සාකච්ඡාවට සහභාගිවීමට කෙටි වේලාවකට පෙර  අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මානව හිමිකම් සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබුණි.

එහි දැක්වෙන්නේ මානව හිමිකම් බලපෑම් ඇති වූ වින්දිතයින්ට විසදුම් සදහා ප්‍රවේශයක් අවශ්‍ය වන බවයි.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී මානව හිම්කම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුවනු ඇති බවට අන්තර්ජාතික මාධ්‍ය මත පළ කර ඇත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *