අපේක්ෂක වියදම් සීමා පැනවෙයි

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමිෂන් සභාව  අද ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව වැඩිම වියදමක් කළ හැකි වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකුට වන අතර එම මුදල රුපියල් 57, 50, 000 කි.

ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක්ට වැය කළ හැකි උපරිම මු රුපියල් 56,43,387 ක් වන අතර මහනුවර දිස්ත්‍රිකයේ අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 51, 46, 844 කි.

මේ අතර කළ හැකි අඩුම වියදමක් ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ට වන අතර එම මුදල රැපියල් 16,73, 243 කි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට වියදම් කළ හැකි උපරිම ප්‍රමාණය ද  මැතිවරණ කොමිෂම සභාව නිකුත් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *