අනුර මහානායක හිමිවරු බැහැදකියි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ  අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහ නායක වර්කාගොඩ ශ්‍රී ඥානරතන යන මහානායක හිමිවරු හමුවූහ.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේලාගේ  ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල්කාන්ත මහතාද එක්ව සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *