අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් 18 දෙනාගේ ලැයිස්තුව නිකුත් වෙයි.

නව අතුරු අමාත්‍ය මණ්ඩලය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

දිවුරුම් දීමේ උත්සවය කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

18 දෙනෙකුගෙන් යුත් නව අතුරු කැබිනට් මණ්ඩලය මෙසේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන
ඩග්ලස් දේවානන්ද – ධීවර
සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපනය
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන සහ මහාමාර්ග, සහ මාධ්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය හා ජල සම්පාදන
මහින්ද අමරවීර – කෘෂිකර්මය, වනජීවී සහ වන සංරක්ෂණ
(ආචාර්ය) විජයදාස රාජපක්ෂ – යුක්තිය, බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම්
රමේෂ් පතිරණ – වැවිලි හා කර්මාන්ත
ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන හා නිවාස
අලි සබ්රි – විදේශ කටයුතු
විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
කාංචන විජේසේකර – බලය සහ ශක්තිය
නසීර් අහමඩ් – පරිසරය
රොෂාන් රණසිංහ – ක්‍රීඩා සහ යෞවන කටයුතු, සහ වාරිමාර්ග
මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා
ටිරාන් අලස් – මහජන ආරක්ෂාව
නලින් ප්‍රනාන්දු – වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *