අත්හිටුවා තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් යළි ආරම්භ කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් ඊයේ (30) සිට යළි ආරම්භ කරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ අනුව අද සිට උඩරට මාර්ගයේ බදුල්ල සහ කොළඹ අතර ‘පොඩි මැණිකේ’ දුම්රිය පමණක් ධාවනය කෙරේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය අද අලුයම 5.55 ට පිටත්ව ගොස් ඇති අතර බදුල්ල සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් අද පෙරවරු 8.30 ට පිටත්ව ගොස් තිබෙනවා.

පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉතිරි දුම්රිය මගී ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *