අගමැති කාර්යාලයේ IMF සාකච්චා ලිපිගොනු අතුරුදහන්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති සාකච්ඡා වලට අදාළ ලිපි ගොනු වාර්තා රැසක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් සමඟ සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති අතර එහෙත් සියල්ලකම වාර්තා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය තබා තිබිණි.

නමුත් අරගල කරුවන් විසින් එම කාර්යාලය අත්පත් කරගත් පසු එම ලිපිගොනු අස්ථානගත වී ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් එම ලිපි ගොනුවල පැවති බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *