කොවිඩ්-19 ගෝලීය වසංගතය පාලනය කිරීම සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇති බවත්, එම එන්නත සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙතද ලබාදිය යුතු බවත් එමඟින් අවධාරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකක් ලබාදීමෙන් ප්‍රතිඵල අත්කරගත හැකි ආකාරය පිළිබඳව ලෝක ජනතාව දැනුවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයද එක්වී කටයුතු කරනු ඇති බවටයි එහි ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ.
මෙම කොරෝනා එන්නත භාවිත කිරීම මේ වනවිට බ්‍රිතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, සිංගප්පූරුව ආදී රටවල් රැසක් විසින් ආරම්භ කර තිබේ.