සමගි ජන බලවේගයේ වෙනස්කම් නුදුරේදීම සිදුකිරීමට නියමිත බව එහි ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාත් ළඟදීම අපිත් එක්ක එකතු වෙනවා වගේම අලුත් සන්ධානයක් ළඟදීම එළිය දකිනවා,” ඔහු පැවසීය.
ඔවුන් සමඟ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද එක්වන්නේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ මේ පිළිබඳව තොරතුරු හෙළි කිරීමට තවමත් කල් වැඩි බවයි.
කෙසේ වෙතත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම මේ වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මද්දුන බණ්ඩාර මහතා පැවසීය. එම නිසා විපක්ෂයේ ඇතැම් පක්ෂ නියෝජනය කරමින් පොදු අපේක්ෂකයා ලෙස රොෂාන් රණසිංහ මහතා ඉදිරිපත් වීමට නියමිත බවට පළවන වාර්තා ඔහු හෙළා දකිනවා.