හොර මානව හිමිකම් කොමසාරිස්වරියගේ රථය අත්අඩංගුවට

මානව හිමිකම් කොමසාරිස් යනුවෙන් ව්‍යාජව යෙදූ විශාල දැන්වීම් පුවරුවක් සහිත සුඛෝපභෝගී කැබ් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවේ මහනුවර සම්බන්ධීකාරක විරංජන් ඩයස් සුමනසේකර මහතා විසින් මධ්‍යම පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිදුකරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව  පොලිස් බාරයට ගෙන තිබේ .

ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපාර ජාලයකට හිමිකම් කියනු ලබන කාන්තාවක් විසින් එම රථය භාවිතා කොට ඇති අතර  ඇය පොලිසියට පවසා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකු එම දැන්වීම් පුවරුව සහ හැඳුනුම්පතක් ඇයට ලබා දුන් බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *