හොරොයින් කිලෝ 33ක් අල්ලයි

දික්වැල්ල, ඌරුගමුව ප්‍ර දේශයේ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට ලද තොරතුරක් මත කරනු ලැබූ වැටලීමකින් අනතුරුව හොරෙයිනන් කිලෝ ග්‍රෑම් 33ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු වුරුදු 42 ක් ගල්හේනගොඩ, ඌරුගමුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවෙකුගේ මිතුරෙක් වන දැනට විදෙස්ගතව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයෙක් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සැකකරුට ලබාදි ඇති බවත්ර ඔහුගේ උපදෙස් මත සැකකරුගේ නිවසේ මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තබා ගෙන සිට ඇති බවත් දැනට සිදුකරන විමර්ශන වලදි හෙළිව තිබේ.

සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *