හෙට සිට ග‍්‍රාම කම්ටුවලින් ග‍්‍රාම නිලධාරිවරු ඉවත්වේ

සියලුම ග‍්‍රාම නිලධාරිවරුන් කොරෝනා මර්දනය සඳහා සහ ආධාර බෙදාදීම වෙනුවෙන් පිහිටුවා තිබෙන ග‍්‍රාම කම්ටුවලින් හෙට (17) සිට ඉවත්වීමට තීරණය කර ඇත. මෙම තීරණය ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (16) පවසා තිබේ.

මේ වන විට කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් සහ අසරණ වූ ජනතාව වෙනුවෙන් ආධාර බෙදාදීමට අදාළ මූලික කටයුතු සියල්ල ග‍්‍රාම නිලධාරිවරුන් විසින් සිදු කළද අවසන් මෙහොතේ ආධාර බෙදාදීමේදී සියලූ කටයුතු සමෘද්ධි නිලධාරීන් හරහා සිදු කිරීම තුළින් ග‍්‍රාම නිලධාරීන්වරුන් තවදුරටත් හෑල්ලූ කර තිබෙන බවද මෙම සංගමය පවසයි.

ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිළධාරීන්ගේ සංගමය , සමස්ත ලංකා නිදහස් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය සහ ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය යන ග‍්‍රාම නිලධාරි සංගම් තුනට අයත් දිවයිනේ සියලූම ග‍්‍රාම නිලධාරීන් වෘත්තීය සමිති භේදයකින් තොරව මෙම මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *