හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිපදවේ

“අලුත් රටට අලුත් බෙහෙත්” යන සංකල්පය යටතේ ⁣Clopidogrel ඖෂධය එළිදැක්වීම අද (19) දින සිදු කෙරුණි. ඒ රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේදීයි.

⁣Clopidogrel ඖෂධය හෘද රෝගීන් සහ ආඝාත රෝගීන් සුලභව භාවිතා කරන අතර මෙම ඖෂධය ආනයනය කිරිමට රාජ්‍ය අංශය වාර්ෂිකව රුපියල් මිලියන 317 ක්ද පෞද්ගලික අංශය රුපියල් මිලියන 400 ක්ද වැය කරයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා විසින් ඖෂධය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *