හිරුණිකාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි

නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කළ වරෙන්තුව ආපසුකැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා  ලක්මාලි මහත්මිය නියෝග කළාය.

මීට වසර දෙකකට පෙර (2022)වීදි නාට්‍යයක් කරමින්,මහජන පීඩාවන් සහ  පොලිස් රාජකාරියට බාධා කළේ යැයි පවසමින් කුරුදුවත්ත පොලිසිය ගොනුකොට තිබූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව අද උදෑසන නිකුත් කළාය .

සැකකාරිය වරෙන්තු  නිකුත් කොට ටික වේලාවකට පසු  නීතීඥ වරයකු  මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් වරෙන්තු ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *