අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගෙන් පසු පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ධුරයට ඉල්ලා අස්වූ හිටපු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පත්කිරීමෙන් පසු පුරප්පාඩුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පත් කරන්නැයි හිටපු ජනපතිනිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයිද ඇය ඉල්ලා ඇතැයි පැවසේ.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කරන සෙසු මන්ත්‍රීවරුන් ගැනද දැඩිය විනය ක්‍රියාමාර්ග ගන්නැයිද විනාශ වෙමින් පවතින ශ්රීලනිපය ගොඩනැගීම තමා අතට දෙන්නැයි ද ඇය තවදුරටත් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම්වලට අවසන් පිළිතුරක් දී නැති අතර ඉදිරියේදී සලකා බැලීමට පමණක් එකඟ වී ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.