හිටපු යුධ හමුදාපති එල්.පී බලගල්ල මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු යුද හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික) එල්.පී බලගල්ල මහතා සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට කොළඹ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය කඩුවෙල කොතලාවල සමනල පාරේ අංක 21/12 දරන ස්ථානයේ තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජෙනරාල් (විශ්‍රාමික) බලගල්ල 2000 – 2004 කාලය තුළ 16 වැනි යුද හමුදාපතිවරයා විය. ඔහු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ලෙසද සේවය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *