රත්ගමදී ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් ඔහුගේ සහෝදරයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
40 හැවිරිදි හිටපු පොලිස් පරීක්ෂකවරයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව ඔවුහු පැවසූහ.
හිටපු පොලිස් පරීක්ෂකවරයා රාජකාරි කාලය තුළ සිදු කළ බව කියන වරදක් සම්බන්ධයෙන් වසර එකහමාරක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි අතර මීට දින කිහිපයකට පෙර ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.
බලපිටිය උසාවියට ගොස් ආපසු එමින් සිටියදී ඔහුගේ නිවස අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් ඔහුට වෙඩි තබා ඇත.
රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.