හිටපු පළාත් සභා මන්ත්‍රී‌ගේ ඉඩමෙන් ගිනි අවි සහ උණ්ඩ මතුවේ

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් අත්තනගල්ලේ පොල් ඉඩමක සගවා තිබූ ටී 56 ගිනි අවියක් මැගසින් දෙකක්ද උණ්ඩ 130, බෝර 12 ගිනි අවියක්, එම උන්ඩ 6 ක් වළ දමා තිබියදී එම අවි සමග හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු හිටපු ජනපතිනියකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කලක් කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර් ම රත්න මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *