හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.
මෙසේ තවමත් බාරදී නැත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාටත් හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතාටත් හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාටත් හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාටත් දී තිබූ බංගලාවන්ය.
මොහාන් පී ද සිල්වා මහතා පාවිච්චි කළ බංගලාව අද (5) බාරදෙන බව ඔහු දැනුම් දී ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාට රජය දුන් බංගලාවේ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් පදිංචිව සිටින අතර ඔවුන්ට අවස්ථා ගණනාවකදීම සිහිකැඳවීම් කර ඇතත් ඉන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
රජය කොළඹ 7 ප්‍රදේශයෙන් මෙම බංගලා ලබාදී ඇත.