හිටපු ජනපති මහින්දගේ ආරක්‍ෂකයන්ගේ නිවසේ ජලය කපයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කර තිබේ.

එම නිවසේ ජල බිල්පත රුපියල් ලක්‍ෂ තුනකට අධික මුදලක් එකතු වී තිබූ බවත් බිල නොගෙවීම හේතුවෙන් මෙසේ සැපයුම විසන්ධි කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාට සපයා තිබූ යුද හමුදා ආරක්‍ෂාව පසුගියදා ඉවත්කිරීම නිසා එම ගොඩනැගිල්ලේ කිසිවකු මේ වන විට රැදී නොමැති බවත් දැනගන්නට තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට හෝ ඒ මහතාගේ කාර්ය මණ්ඩලයට කිසිඳු දැනුම්දීමක් නොකර මෙසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවත් එහි බිල්පත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවීම සාමාන්‍ය තත්වය බවත්ය.

ජනාධිපති ලේකම් කාර්යාලය බිල ගෙවීම නොකර සැපයුම විසන්ධි කර ඇති බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *