ශ්‍රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේ.
මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදිකර ඇති අතර මෙය මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය ලෙස හැදින්වීය.
රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල හරහා රටේ ආර්ථිකයට ශක්තියක් ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව තීරණය කළ බවත් ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මුලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් කොඩි 200 ක මූල්‍ය ප්‍රතිපාදන වේ කළ බවත් අමාත්‍යවරයා කීය.
මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 ක දිගින් සහ මීටර් 46 ක පලලින් යුතු ධාවන පථය මීටර් 2500 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.