හික්කඩුවේ දී වෙඩි වැදුණු සැමියා මියයයි

හික්කඩුව  කුමාරකන්ද හන්දියේ රෙදිපිළි වෙළදසලක් වෙඩි ප්‍රහාරයකට ලක් වූ සැමියා මියගිය බව පොලිසිය කියයි.

බිරිද අසාධ්‍ය තත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මියගොස් ඇත්තේ දොඩන්දුව පටුවත ගම්මඩුවත්ත පදිංචි පෙත්තායන් දෙහිගේ කිර්තිවංශ නමැති 61හැවිරිදි පුද්ගලයෙකි.

මෙතෙක් කරනලද පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙළඳසලට පැමිණ ටි.56 ගිනි අවියකින් සහ 9.එම්.එම්.වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පලාගොස් ඇති බවය.

මියගිය පුද්ගලයාගේ පපුවටද ඔහුගේ බිරිඳගේ උරහිසට වෙඩි වැදි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *