හෑෂ් කිලෝ 11ක් කටුකුරුන්දෙන් අල්ලයි

කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11 ක් සහ ග්‍රෑම් 759 ක්   සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය කටුකුරුන්ද කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කටුකුරුන්ද වෙරළ ආසන්න මුහුදු තීරය පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය පාර්සල් 10 ක අසුරා තිබී ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණයවී නොමැති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රධාන අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම සිදුකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *