පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැදුනුම්පත් ලබාදීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව ඔක්තෝබර් 7, 8 සහ 9 යන දින තුන තුළ මෙම සේවාව අත්හිටුවා තිබේ.
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ගාල්ල, මඩකලපුව, වවුනියාව සහ කුරුණෑගල පළාත් කාර්යාලවලද ඉහත දිනයන්හි සේවාවන් නොපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
කෙසේ වෙතත් හදිසි අවශ්‍යතාවක් සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයකින් මහජනතාවට තම කටයුතු ඉටු කර ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.