හාලිඇල සිසුන්ට අනවසර වැඩමුළුවක් පැවැත්වූ 4ක් අත්අඩංගුවට

හාලිඇල ප්‍රදේශයේ පාසලක සිසුන් සඳහා අනවසර මනෝවිද්‍යාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කළ උපදේශකවරයෙකු සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් තිදෙනෙකු ගිනි අවියක් සමඟ ඊයේ හාලිඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසලේ උපදේශන වැඩසටහනක් පැවැත්වෙන බවත් ඒ සඳහා පැමිණි උපදේශකවරයා සමඟ කළු ඇඳුමින් සැරසී වෝකිටෝකි සහ ආයුධයක් අතැතිව පෞද්ගලික ආරක්ෂකයින්ද පැමිණ ඇති බවට වාර්තා වීමත් සමඟ හාලිඇල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කලාප හෝ පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් නිල අනුමැතිය ලබාගෙන නොමැති බව විමර්ශනයේදී අනාවරණය විය.

මෙම වැඩසටහන මෙහෙයවූ උපදේශකවරයා ලියාපදිංචි ආයතනයක එවැනි වැඩසටහන් පැවැත්වීමට සුදුසුකම් නොලබන බව අනාවරණය විය.

උපදේශකවරයා සමඟ පැමිණි ආරක්ෂකයින් තිදෙනා සන්තකයේ තිබී වෝකිටෝකි තුනක්, වායු රයිෆලයක් සහ වායු රයිෆලය සඳහා භාවිත කරන උණ්ඩ 129ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත, රත්මලාන සහ මීගමුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 36, 24, 23 සහ 30 යන වයස්වල පසුවන අය වන අතර ඔවුන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පාසල් සිසුන් සමඟ කටයුතු කිරීමේදී එවැනි පුද්ගලයන් පාසලට කැඳවීමෙන් වළකින ලෙස පොලිසිය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *