අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙරට ඉතිහාසයේ අපේක්ෂකයෙකු මෙතෙක් ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව මෙය බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මීට පෙර තනි අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබාගෙන තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. 2020 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ හෙතෙම මනාප ඡන්ද 527364ක් ලබා ගත්තේය.
මේ අතර ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී ලාල්කාන්ත මහතා මනාප 316,951ක්ද කළුතර දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මනාප 371,640 ක්ද ලබාගෙන එම ලැයිස්තුවල මුල් තැනට පත්ව සිටිති.